මෙහෙමයි වෙන්නේ . අපි දන්නවා නේ ලෝකේ එක එක විදිහේ නෙට්වර්ක් තියෙනවා . උදාහරණෙට නිකන් ගේම් කැෆේ එකක් ගන්න. එකත් LAN එකක්. දැන් අපිට පුලුවන්ද ඒ Lan එකට මොනයම් විදිහකට හරි එකට සම්බන්ද නැති ඩිවයිස් එකකින් කනෙක්ට් වෙන්න ? බෑනේ . ඒ කියන්නේ අපිට සම්බන්ද වෙන්න පුළුවන් අපි ඉන්න නෙට්වර්ක් එකේ ඩිවයිස් එක්ක විතරයි. තේරුනා නේ ? Dark Web කියන්නෙත් අන්න එහෙම එකක්. අපි ඉන්ටනෙට් පාවිච්චි කරාට අපිට සාමාන්‍ය විදිහට එකට කනෙක්ට් වෙන්න බෑ. මොකද එකත් වෙනමම නෙට්වර්ක් එකක්.හරියට Tor , Torrent වගේ .
ටොරන්ට් කියන්නෙත් එක්තරා විදිහකට වෙනමම නෙට්වර්ක් එකක් . එත් මේක ඉන්ටනෙට් එකටත් සම්බන්දයි
ටොරන්ට් වැඩක් නෑ ඕනේ දේ කතාකරමුකෝ. හරි දැන් මේ Dark Web හදුන්වන්නේ “අන්තර්ජාලයේ අදුරු පැතිකඩක්” විදිහට . අපි මේ දකින ඉන්ටනෙට් එකෙන් 30% ක්ම වගේ තියෙන්නේ DarkWeb . හිතාගන්න කොච්චර එහෙනම් තියෙනවද කියලා. මිලියන ගානක් වෙන්නත් බැරි නෑ.
ආ ඔය රූපේ DeepWeb කියල එකක් තියෙනවා නේද ? අන්න එතන තමා මේ DarkNet වල තියන දේවල් තියෙන්නේ . ඒ කියන්නේ DarkWeb සහ Deepweb එකිනෙක සම්බන්ද වුනත් තියෙන්නේ තැන් දෙකක. එහම තමා නෙට් එකේ තියෙන්නේ .
කොහොමද මේ DARK WEB එකක් අදුරගන්නේ ?
හරි දැන් Tor එකෙන් අපි ඉන්ටනෙට් ගියා කියමු හැබැයි අපි ගිය ගමන් DarkWeb එකට කඩාගෙන වැටෙන්නේ නෑනේ. එකත් නිකන් වෙබ් බ්‍රවුසර් එකක් විතරයිනේ .
Tor කියන්නෙත් වෙබ් බ්‍රවුසර් එකක් අපි පාවිච්චි කරන Opera , Chrome වගේ . එත් මේකේදී අපිව වෙන කාටවත් අදුරගන්න බෑ . මොකද එක උමගක්. ඒ කියන්නේ අපි එකෙන් ඉන්ටනෙට් යනකොට අපේ IP හැමවෙලේම මාරු වෙනවා. මේක බිහිවුනේ යුද්දය තියෙන රටවල් වල රාජ්‍ය නායකයින් ගේ අදහස් හුවමාරු කරගන්න. මොකද එතකොට එයාලට තියෙන රිසක් එක නැති වෙනවා . ඒ අදහස් කාගේද කියන්න හොයන්න බැරි නිසා
ගොඩක්ම මේ DarkWeb වල තියෙන්නේ .onion කියන ඩොමේන් එක. මේ Dark Web එකක් ඇතුලට මේ වගේ එකකින් අපි ගියාම අපේ තොරතොරු ඒ කිව්වේ IP ඇඩ්රස් එක අපේ බූගොලිය පිහිටීම වගේ දේවල් හොයාගන්න බෑ. අපිට ඕනේ කරන දේ රහසිගතව මේකක් ඇතුලේ කරගන්න පුළුවන්
මොනවද මේ DARK WEB වල වෙන්නේ ?
- ගොඩක්ම මේ Dark Web වල ඉන්නේ අපරාද කාරයෝ . ඒ වගේම නීති විරෝදිව වැඩ කරන අය. එයාලාව අදුරගන්න එක කරන්න බැරි වැඩක් වෙන්න ඇති මන් දන්නේ නෑ . සමහර විට ඔයාගේ යාලුවෙක් වෙන්නත් බැරි නෑ ඈ .
- ඒ වගේම ඕනනම් මේකේ ඉන්න හැකර් ලාට පුළුවන් ලෝකෙම කරන්ට් එක කපල දාන්න. ශෝක් නෙද
- මේවගේ තියනවා Ebay වගේ ඔන්ලයින් බඩු ගෙන්නන්න පුළුවන් සේවා. එත් මේවගේ විකිනෙන්නේ මිනි මස් , අධික විෂ මත්ද්‍රව්‍ය , සත්ව කොටස් වගේ දේවල්. ඒවා නීති විරෝදී වැඩ නේ
- ඒ වගේම අපිට මේකක් ඇතුලෙන් සල්ලි වලට රෙන්ට් කරගන්න පුළුවන් මිනි මරුවෙක්ව. කරන්න තියෙන්නේ මරන්න ඕනේ මිනිහා ගැන තොරතුරු දෙන එකයි මැරෙන්න ඕනේ විදිහයි දෙන එක විතරයි. ඕඩර් එක දීපු කෙනා දන්නෙත් නෑ ඇවිල්ල ඒ විදහට මරලා යනවා නිකන් හොල්මන් වගේ
- 2013-2015 වගේ කාල වල එක්තරා Web එකක් ජනප්‍රිය වෙනවා නීති විරෝදී බෙහෙත් විකිණීම සම්බන්දයෙන්. අදික මාත්‍රාවකින් ඒ බෙහෙත ගත්තොත් ඉතා කටුක මරණයකට මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙනවා
- කාන්තාවන් පැහැර ගෙන වද දීම් වගේ දේවල් එහෙමත් මේ Dark Web එකේ වීඩියෝ විදිහට තියෙනවා
- ඒ වගේම එක එක විදිහේ මුදල් වංචා
- ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම් වගේ දේවල්
- මේ ඉතින් කිව්වේ ටිකක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා පොඩි අය එහෙමත් ඉන්න හින්දා ඒ ගැන කියන්නේ නෑ ඉතින්. ඔන් අපි ගියා අයෙත් හමුවෙමු Drak web part # 2 එක්ක.
ලසිත දිල්ශාන්




No comments:
Post a Comment