ලෝකෙම වෙනස් කරන 5G තාක්ෂණය - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

ලෝකෙම වෙනස් කරන 5G තාක්ෂණය

Share This
2020 දී සිදුවන ලොකුම තාක්ෂණික විප්ලවය.
Wireless networks සහ mobiles ගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. Wirelessතාක්ෂණය මේ දියුණුව කරා 


ගිය ගමනේදී වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා කියන්න පුලුවන්. ඒ ගැන කතාකරන කොට අපිට අපේinternet connection එකේ speed එක සඳහා විශාල ලෙස බලපෑම් කරන තාක්‍ෂණයන් වුණු 1G, 2G 3G, 4G, 4G LTEවගේ ඒ ඒ කාලයේදී නිතරම අහන්න දකින්න ලැබුණු දේවල්, නැත්නම් යුග(Generations) අමතක කරන්නම බැහැ. ඔය අතරින් දැනට ලෝකයේ ප්‍රචලිතව තියෙන්නේ 4G LTE, එහෙමත් නැත්නම්4G තාක්‍ෂණය තවත් දියණු කර නිර්මාණය කෙරුණු 4G වල Long Term Evolution version එක.

ඔන්න දැන් 4G LTE යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපිට පසක් කර දෙමින් wirelessසන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සුදානම් වෙන බව තමයි ආරංචිය. ඒ 5th Generation කියන තේරුම ඇතිව 5Gකියන නමින්. ඉතින් මේ ගැන තොරතුරු සොයද්දී දැනගන්න ලැබුණු කරුණු කීපයක් ඔබ සියලු දෙනා සමග බෙදාහදා ගන්න තමයි මේ සූදානම.




5G නුදුරේදීම අපි හමුවට එනවා කියලා ගොඩාක් දෙනෙක් මේ වෙද්දීත් දැණුවත් ඇති. නමුත් 5G කියන්නේ මොකද්ද කියලා, එහෙමත් නැත්නම් 5Gවල වැදගත්කම මොකද්ද කියලා ඇහුවොත් ගොඩාක් දෙනෙක්ට හරි උත්තරයක් නැති වේවි. Broadband connections වල මීළඟ යුගය විදියට හැඳින්වෙන මේ තාක්‍ෂණය, 4G LTEවලට වඩා 40 ගුණයකටත් වඩා වැඩිවේගයකින් යුතු internetසම්බන්ධතාවයක් පාරිභෝගිකයින්ට ලබා දීමට තරම් ප්‍රබල බව තමයි වාර්තා වෙන්නේ. එය එසේ වීමට හේතුව විදියට දක්වන්නේ වර්ණාවලියේ විවිධ කලාපයන්ට අයත් තරංග (variety of spectrum bands)භාවිතයට ගැනීමයි. විශාල දත්ත ප්‍රමාණයක් කෙටි දුරක් ඇතුළත ගෙන යා හැකි රේඩියෝ තරංගත් (mmWave Radio Spectrum) මීට ඇතුළත්. නමුත් මෙලෙස ඉහළ සංඛ්‍යාතයෙන් යුත් තරංගයන් භාවිතා කිරීමේ එක් ගැටළුවක් ලෙස දේශගුණික තත්වයන් සහ උස් ගොඩනැගිලි ආදිය නිසා වඩාත් පහසුවෙන් බාධාවට ලක් විය හැකි වීම දක්වන්න පුලුවන්.


ඊට අමතරව මේ 5G භාවිතා කරන වැදගත්ම තාක්‍ෂණයන් කීපයක් ලෙසSmall cells, massive MIMO, Beam-forming, සහ Beam-tracking හඳුන්වලා දෙන්න පුලුවන්.

🔵 Small cells : අඩු විදුලි ධාරිතාවයකින් ක්‍රියා කරන portable base stations. Small cells කිපයක් එකතු කර නිර්මාණය කරගන්න උපාංග විවිධ නගරවල පිහිටුවීමෙන් මේ තාක්‍ෂණය පාරිභෝගිකයින් හට ලබා දිය හැකි බව තමයි ඒ ගැන කරුණු හොයද්දි පැහැදිලි වුණේ.

🔵 Massive MIMO (Massive Multiple Input Multiple Output) : මෙමගින් එකවර උපාංග විශාල ගණනක් සමගින් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා. දැනට වාර්තා වෙන විදියට, මේ 5G antenna එකකට පුලුවන් එකවර උපාංග ලක්ෂයක් පමණ මෙහයවන්න.4G antenna එකකට පුලුවන් වෙන්නේ, එකවර උපාංග 100 – 200 වගේ මෙහයවන්න විතරයි.





🔵 Beam-tracking : මෙහිදී 5G ලබාගෙන තියෙන කිසියම් උපාංගයක්, යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගමන් කරනවානම්, ඒ උපාංගය trackකර ගෙන signal ලබාදිමේ හැකියාවත් තියෙනවා.

🔵 Beam-forming : මෙයින් සිදුවෙන්නේ යම්කිසි ප්‍රදේශයක 5G භාවිතා කරන පිරිස් වැඩිපුර ඉන්නව නම්, ඒ ප්‍රදේශයට වැඩි වශයෙන් 5G signalයොමු කිරීම. මේ නිසා අන්තාර්ජාල සේවා භාවිතා කරන පිරිස් වැඩි වුනත්, අපට ඉතා හොද වේගයක් ලබා ගන්න පුලුවන්. සියලුම ප්‍රදේශ වල අන්තර්ජාල සේවා භාවිතා කරන පිරිස් ආසන්න වශයෙන් සමානව විහිදිලා ඉන්නවානම්, ඒ සියලුම ප්‍රදේශ වලට සමානව signal බෙදා හැරීමක් සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.


5G තාක්‍ෂණය මීළඟ වසර වන විට ඉතාමත් ඉහළ download speeds සහ ඉතාමත් අඩු ප්‍රමාද දෝෂයන් (low latency) සමගින් විවිධ ආයතන සහ සේවා දායකයින්ගෙන් අප අතරට පැමිණේවි. මේ වන විටත් Samsung, Verizon, Ericsson වගේ ලොව ඉහළ පෙළේ ආයතන 5G තාක්‍ෂණයට සුදුසු වන ආකාරයේ signal processing, chips,සහ antenna technologies පිලිබඳ පර්යේෂණයන් පවත්වනවා. කෙසේ නමුත් 5G තාක්‍ෂණය භාවිතයට පැමිණි විගස අපිට 4G සහ 4G LTEතාක්ෂණයන්ගෙන් මිදීමට අවස්ථාව ලැබෙන එකක් නැහැ. මොකද දැනට භාවිතයේ පවතින devices 5Gතාක්‍ෂණයට අනුරූප වන ආකාරයට නෙවෙයි ගොඩනගලා තියෙන්නේ. නමුත් කාලයත් සමගින් 5G තාක්ෂණය පමණක් රජයන කාලයකුත් උදා වේවි. 

Interactive TV, HD සහ 3D video, social gaming, virtual reality සහ augmented reality වගේ concepts සඳහාත් 5Gඅතිවිශාල ලෙස බලපෑම් එල්ල කරයි කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මේ දිනවල ලෝකයේ විවිධ ප්‍රදේශ වල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්‍fෂණය testකරනු ලබනවා. මෑතකදී dialogආයතනය මගිනුත් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙය අත්හදා බැලුවා. කෙසේනමුත් 5G තාක්‍ෂණය ප්‍රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages