අද මම කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් විස්තර හොයන ඒ වගේම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් ගැන ඒක තම්යි "YouTube වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා?"
ඇත්තටම මේ ගැන විස්තර දැන ගන්න ඔනේ නම් මුලින්ම දැනගන්න ඔනේ කොහොමද YouTube, ඇඩ්ස් සහ තවත් මූලික කාරණා කීපයක්.
YouTube කියන්නේ ලොකයේ දෙවෙනි ලොකුම Search engine එක. YouTube එකේ එක දවසකට වීඩියො බිලියන දෙකක් විතර ස්ට්‍රේම් කරන්වා. ඇත්තටම වෙන කිසිම විඩියො Search engine එකකට ඒ ගාන සම කරන්නවත් බැහැ.
YouTube එකේ ඇඩ් දාන Advertisers ඇඩ් දාන ආකාර 3ක් තියනවා.
1.In-search ads
ඒ කියන්නේ ඔයාලා YouTube එකේ මොකක් හරි search කරාම ඔයාලට පෙන්නන search result එකට උඩින් ඇඩ් පෙන්නන එක.
2.In-slate ads
ඒ කියනේ ඔයාලා විඩියො එකක් බලලා ඉවර වුනාම වීඩියො එකේ මැද පෙන්නන suggested video එක්ක තියන ඇඩ් එක
3.In-display ads
ඒ කියනේ ඔයාලා විඩියො එකක් බලලා ඉවර වුනාම වීඩියො එකේ පැත්තක පෙන්නන ඇඩ් එක
4.In-stream ads
ඒ කියනේ ඔයාලා විඩියො එකක් බලන්න කලින් පෙන්නන ඇඩ් එක
දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද මේ ads YouTube බලන අයට පෙන්නන්න තොරගන්නේ කියලා. ඇත්තටම ඒ දේ කරන්නේ ads දාන කට්ටියගේ උවමනාව මත. උදාහරනයක් විදිහට අඩ්ස් දාන අයට target කරන්න පුලුවන් වයස. ස්ත්‍රී පුරුශ භාවය වගේම YouTube බලන අය ඉන්න තැන වගේ සාදක අරගෙන.
හරි දැන් ඔයාලා දන්නවා යොඋටුබෙ එකට ads දාන්නේ කොහොමද කියලා.
දැන් අපි කතා කරමු YouTube එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා.
ඇත්තටම ඔයාට YouTube එකෙන් සල්ලි හොයන්න ඔනේ නම් ඔයාටම කියලා YouTube චැනල් එකක් ඔනේ. ඇත්තටම කියන්වනම් මේක සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ ඔයාගේ YouTube චැනල් එක බලන ප්‍රමාණය වගේ සාදක මත.
YouTube එක මේ චැනල් අයිති අයට සල්ලි ගෙවන ක්‍රමයට කියන්නේ Cost Per Mile (Cost Per Thousand) කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.
1,000 views 1.0$
10,000 views 10.0$
100,000 views 100.0$
1,000,000 views 1000.0$
10,000,000 views 10,000.0$
100,000,000 views 100,000.0$
1,000,000,000 views 1,000,000.0$
ඔයාගේ චැනල් එකේ වීව්ස් 1000 ක් තිබුනොත් ඔයාට 1.0$ මුදලක් හම්බවෙනවා ඒ වගේම ඔයාගේ චැනල් එකේ වීව්ස් 10,000 තිබුනොත් ඔයාට 10.00$ මුදලක් හම්බවෙනවා.ඒ විදිහට තමයි YouTube එකෙන් ඔයාට සල්ලි හම්බවෙන්නේ.
ලන්කාවේ නම් YouTube චැනල් වලින් සල්ලි හොයන අය අතර පලවෙනි තැනට ඉන්නේ TV දෙරණ තමයි. එයාලා හොයන මුදල Social Blade ranking වලට අනුව පහත බලාගන්න පුලුවන්.එහෙනම් මේ වගේම අලුත් පොස්ට් එකකින් නැවත හම්බෙමු.
Writer : Lasithadilshan



No comments:
Post a Comment