ඔබත් FaceApp එකෙන් වයසට ගියාද? ඒ අයට අනතුරු ඇඟවීමක් - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

ඔබත් FaceApp එකෙන් වයසට ගියාද? ඒ අයට අනතුරු ඇඟවීමක්

Share This

Lasithadilshan74@gmail.com

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
මෑතකදී සමාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. 
මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි
විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම චායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිළිබඳව විශාල ගැටලුවක් පැනනැගී ඇති බව එම සංගම සඳහන් කළේය.
මෙම යෙදුම පිළිබඳව ප්‍රශ්න සියල්ලම ආරම්භ වී ඇත්තේ මෙම යෙදුම නිර්මාණය කිරීමට කටයුතු කළ පුද්ගලයෙක් මෙම යෙදුම භාවිතා නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් හරහා ට්විටර් පරිශීලකයින්ට අවවාද කළේය අවස්ථාවේදී වේ.
මෙම යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත උඩුගත කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිළිබඳව සටහන් කිරීමට අපොහොසත් වී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි. 
තවද මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකනයේ පවතින ඡායාරූපවලට පරිශිකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයාගැනීම්වලින් හෙළිවී ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට මෙවැනි යෙදුම් රැල්ලට භාචිතා නොකරන මෙන්  තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages