Instagram සහ WhatsApp වල නම වෙනස් කිරීමට Facebook සමාගම සූදානම් වෙයි - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

Instagram සහ WhatsApp වල නම වෙනස් කිරීමට Facebook සමාගම සූදානම් වෙයි

Share This

Lasithablog@gmail.com 

Instagram සහ WhatsApp යන සේවා ද්විත්වය Facebook සමාගම විසින් මිලදී ගත් බවත්, මේ වන විට මේ platform ද්විත්වයේම අයිතිය Facebook සමාගමට හිමි බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇති.
කොහොම නමුත් ඔන්න දැන්, මේ Instagram සහ WhatsApp වන නම වෙනස් කිරීමට Facebook සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.
දැනට Instagram ලෙස පවතින නම "Instagram from Facebook" ලෙසත්, WhatsApp, "WhatsApp from Facebook"ලෙසත් වෙනස් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බව The Information වෙබ් අඩවියේ හි මාධ්‍යවේදීන් විසින් මූලිකව වාර්ථා කරන ලද අතර එය ෆේස්බුක් නියෝජිතයින් විසින් තහවුරු කර තිබෙනවා.



මේ අනුව Google Play Store සහ Apple App Store වල Instagram from Facebook සහ WhatsApp from Facebook ලෙස නම දර්ශනය කිරීමට කටයුතු කරනු ඇති අතර App එක open කරනු ලබන අවස්ථාවේදී දර්ශනය වන splash screen එක මත ද මේ අලුත් නම් දර්ශනය කිරීමට නියමිත වෙනවා.
කොහොම නමුත් අදාල device එකේ home screen එක හෝ app drawer එක මත සාමාන්‍යය Instagram සහ WhatsApp යන කෙටි නම පමණක් තවදුරටත් දර්ශනය කිරීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.



මෙම ‍නම් වෙනස් කිරීම Facebook ආයතනය විසින් මිලදීගත් Oculus වලට ද දැනටමත් සිදු කර ඇති අතර, එහි නම් Oculus from Facebook ලෙස වෙනස් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages