Admin@LasithaD@UPLOAD
Facebook සහ instagram වලින් Like count එක පෙන්වීම ඉවත් කිරීමට facebook සමාගම කටයුතු කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරාවට යම් යම් මතයන් පළවුනා.
මේ ආරංචි පිළිබඳව පක්ෂව වගේම එයට අකමැත්තක් දවන විශාල පිරිසකුත් සිටින නිසාවෙන් මේ පිළිබඳව විශාල කතාබහක් ගොඩ නැගුණා. කොහොම වෙතත් මේ ආරංචිය සනාත කරවන පුවතක් පසුගිය දෙවැනි දා දැනගන්නට ලැබුණා. මෙයට හේතුව ලෙසින් සඳහන් facebook සමාගම සඳහන් කරන්නේ ඔබව follow කරන පුද්ගලයින් හට ඔබට ලැබෙන likes ප්‍රමාණය වැදගත් නොවෙන නිසාත්, likes count එක මතම පමණක් යම් content එකක ගුණාත්මකභාවය මැනීම සිදු නොවිය යුතු නිසාත් මේ පියවර ගෙන ඇති බව යි.
මේ මෙය දැනට ක්‍රියාත්මක වීමට නියමිත instagram සඳහා පමණයි. නමුත් මෙය facebook සමාජ ජාලය වෙතත් සිදු වෙන්නට හැකි බව Facebook Android App එකේ Source Code එක පදනම් කරගෙන ප්‍රකාශයක් නිකුත් කරන ඉංජිනේරු විශේෂඥයෙකු වන ජේන් වොන්ග් සඳහන් කර තිබූන.



No comments:
Post a Comment