වෙබ් අඩවි මිලියන ගණනාවක් හදිසියේ අකර්මණ්‍ය වෙයි! - Gg

Subscribe Us

test banner

Post Top Ad

Responsive Ads Here

වෙබ් අඩවි මිලියන ගණනාවක් හදිසියේ අකර්මණ්‍ය වෙයි!

Share This


Writer : Lasitha D@
(ජූලි 02) හදිසියේම ලෝකය පුරා වෙබ් අඩවි මිලියන ගණනක සහ වෙබ් ආශ්‍රිත සේවාවන් විශාල ප්‍රමාණයක් හදිසියේම අකර්මණ්‍ය වීමක් සිදුවුණා. මෙයට හේතුව ලෙසින් සඳහන් වුණේ Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් බව යි වාර්තා වෙන්නේ. ලෝකයේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ සහ ඒ ආශ්‍රිතව සේවාවන් සපයන ආයතන අතර අතිශයින් ජනප්‍රිය Content Delivery Network (CDN) සේවාවක් බවට Cloudflare පත්ව තිබෙනවා. මේ සේවාව භාවිත කරන්නන්ගේ වෙබ් අඩවි සහ වෙබ් සේවාවන් තුළ අඩංගු content ඔවුන්ගේ servers තුළ තැන්පත් කරගනිමින් අදාළ වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට වේගවත්ම server එක හරහා ඉතාමත් ඉක්මණින් අදාළ content ලබාදෙන ආකාරයේ සේවාවක්. ඊට අමතරව SSL certificate ලබාදීම, වෙබ් අඩවිවල වේගය හා ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා අවශ්‍ය වන කටයුතු සහ සේවාවන් රාශියක් Cloudflare මඟින් සපයනු ලබනවා. මිලියන 16කට අධික internet property සමග සම්බන්ධව කටයුතු කරන ලෝකයේ විශාලතම cloud ආශ්‍රිත සේවාවක් ලෙසින් Cloudflare හඳුන්වන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් මෙවැනි අකර්මණ්‍යවීම් පිළිබඳව තොරතුරු ලබාදෙන downdetector.com වෙබ් අඩවියත් මේ නිසාවෙන් අකර්මණ්‍ය තත්ත්වයකට පත්වුණා. පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ බිඳවැටීම නිසාවෙන් Discord, Shopify, Fiverr, Coinbase වැනි ප්‍රසිද්ධ සේවාවන් පවා අකර්මණ්‍යය වී තිබූ නමුත්, බිඳවැටීම සාර්ථකව අවසන් කරමින් නැවත වරක් තම සේවාව යථා තත්ත්වයට පත් කර ඇති බව Cloudflare ආයතනය විසින් මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මේ බිඳවැටීමට හේතු ලෙසින් ඔවුන් සඳහන් කරන්නේ, Cloudflare serversවල CPU භාවිතාව හදිසියේ ඉහළ යාම බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. Primary සහ secondary පද්ධති ද්විත්වයේම මෙම තත්ත්වය හටගත් බවත්, බිඳවැටීම සිදුවීම සඳහා මූලික වූ හේතුව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. 


සිදු වූ බිඳවැටීම පිළිබඳව cloudflare වෙබ් අඩවියේ වාර්තාව 

ජූලි 3 වෙනි දා Facebook, Whatsapp සහ Instagram බිඳවැටීම

ඊයේ දිනයේ හදිසියේම Facebook, Whatsapp සහ Instagram බිඳවැටීමක් සිදුවුණා. මේ බිඳවැටීමේ දී images සහ videos හුවමාරු කරගැනීමේ දී අදාළ images හරි හැටි දිස් නොවන බව වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල සිටින්නන් හට WhatsApp හරහා messages යැවීමේ දී ද ගැටලු මතු වී තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපීය රටවල්, ඇමරිකාව, දකුණු ඇමෙරිකානු රටවල් සහ ජපානය යන රටවල්වලට මෙම තත්ත්වය තදින් බලපා ඇති නමුත් ඇතැම් පරිශීලකයන් හට කිසිඳු ගැටලුවකින් තොරව සේවාව භාවිතා කළ හැකි බව ද දැනගන්නට ලැබෙනවා. මේ පිළිබඳව විවිධ මත පළ වූ අතර, මෙය සහ පෙරේදා (දෙවැනිදා ජූලි 02) සිදු වූ cloudflare බිඳවැටීම අතර සම්බන්ධයක් ඇති බවට විවිධ ප්‍රචාරයන් පවා පැතිර ගියා. Facebook සිදුකිරීමට යන major update වෙත සිදුවන පෙර සැකසුම් ක්‍රියාවලියක් නිසාවෙන් ඔවුන්ගේ Content Delivery Network (CDN) එක වෙත යම් බලපෑමක් සිදුවන්නට ඇති බව බොහෝ දෙනා මත පළ කරනවා.  කෙසේ වෙතත්, මේ වන විට සියල්ල යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව facebook සමාගම twitter පණිවිඩයක් මඟින් දන්වා තිබෙනවා.


developers.facebook.com වෙබ් අඩවියෙන්

 මේ බිඳවැටීමත් සමග බලපෑ අනෙක් සේවාවන් ගැන වගේම, බොහෝ වෙබ් අඩවි බිඳවැටීම් පිළිබඳ live map සපයනdown detector වෙබ් අඩවිය හරහා අදාළ සේවාවන් අක්‍රීය වී ඇති ප්‍රදේශයන් සහ කාලය ගැනත්, යථා ස්වරූපය පිළිබඳවත් විස්තර දැනගැනීමට හැකියාව පවතිනවා

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages